මේ අය ඒ විදිහේ වැඩ්ඩෝ වුණත් සැබෑ ජීවිතයේදී හරිම සරලයි.
මේ ජායාරූපයේ ඉන්නෙත් එහෙම කෙනෙක්. පේනවනේ විනෝද වෙන විදිහ.ඒ කියන්නේ නැටුම.
මේ කරුණාරත්ත අබේසේකර කලාකරුවා. ඔහු ලියූ ගීත අදටත් ඔබ අපි හැමෝම රස විදිනවා. අල්හාජ් මොහිදීන් බෙග්, එච්.ආර්.ජෝතිපාල, මිල්ටන් මල්ලවආරච්චි, මිල්ටන් පෙරේරා, ක්ලැරන්ස් විජේවර්ධන, කලාශූරී ලතා වල්පොළ, ඇන්ජලීන් ගුණතිලක. සුජාතා අත්තනායක වගේම තවත් බොහෝ ගායක ගායකාවෝ ගැයුවේ මේ විශිෂයාගේ ගීත. ඔහු හොද ගුවන් විදුලි නිවේදකයෙක්. පරපුරක් හදපු ගුරුවරයෙක්. හැබැයි පුම්බගෙන හිටියේ නැහැ. දිලීප අබේසේකර ඔහුගේ එකම පුතා. ඔහුත් තාත්තා වගේ තමයි.
අපි නොදුටු මේ ජායාරූපය මුහුණු පොතට එකතු කර තිබුණේ ප්‍රවීන ගේය පද රචකයකු වූ බුද්ධදාස ගලප්පත්ති කලාකරුවායි. ඒ දින කීපයතට පෙර නිකුත් වූ චිත්‍රපට අධ්‍යක්ෂ, නීල් රූපසිංහගේ ‘මම නීල්’ග්‍රන්ථයේ ඒ ඡායාරූපය තිබෙනු දැකලා.